Pages

ලමිස්සියන්ට_කුකුල්ලු 23. 01. 2018

ලමිස්සියන්ට මනුස්ස වේශයෙන් ඉන්න කුකුල්ලුනම් කැප නෑ තමයි... ඒත් මේ කියන්නෙ කුකුල් වේශයෙන්ම අපෙ පිඟානට එන කුකුල්ලු ගැන...
"ගෑණු ලමයින්ට කුකුල් මස් කන්න හොඳ නෑ කියන්නෙ ඇත්තද?"
මේ, බුකියෙ කාන්තා සමූහයක මිතුරියකට මතු වුන ගැටළුවක්!

මේ ප්‍රශ්නය දුටුවනම මට මුලින්ම ඇති උනෙ "අනෙ මේ අහන්නත් තරම් ප්‍රශ්නයක් ද?" කියල... නමුත් මම වැරදී කියල තේරුණෙ ඒ සඳහා අනෙකුත් සාමාජිකාවන් දී තිබූ අදහස්, මත වාද සහ උපදෙස් එක්ක... අවසානයේ මේ කතාව ලමිස්සියන්ගෙන් ඔබ්බට ගිහින් කොයි කාටත් කුකුල් මස් කන්න හොඳද නරකද කියන එක දක්වා වාද විවාද ගිහින් තිබුණා...

👉ඇත්තටම වැඩෙන ගැහැණු ලමයින්ට කුකුල් මස් අකැපද?

මේකට වඩාත් සාර්ථක මඟ පෙන්වීමක් කරල තිබුණෙ Gayathri Anuradha Herath මිතුරිය. ඇය මීට පිලිතුරක් ලෙස ඉතා වටිනා ජර්නල් ආටිකල් එකක් ඉදිරිපත් කොට තිබුණා.. මේ ආටිකල් එක ඔස්සෙ මට මතු වූ විද්‍යාත්මක ගැටළු කීපයකට ඇගෙන් උපදෙස් ගන්නට ගිහින් තමයි මම ඇයව හඳුනා ගත්තෙත්! කුකුලෙක් ගිය දුරක්...

ඇගෙ සත්ත්ව පාලන දැනුමත්, මගෙ වෛද්‍ය විද්‍යාත්මක දැනුමත් මම මෙහෙම එකතු කරන්නම්..

අපිත් මේ ලෝකෙ ඉන්න සෑම පෘෂ්ටවංශියෙක්මත් තමන්ගෙ දේහයෙ කටයුතු යාමනය කරගන්න හෝමෝන උත්පාදනය කරනව. මේ හෝමෝන එක්කෝ ප්‍රෝටීන විය හැකියි, එක්කෝ ලිපිඩ විය හැකියි... වර්ධක හෝමෝනත් මේ වගේම හෝමෝන කොටසක්!

අපේ ශරීරයෙ වර්ධක හෝමෝනය නමින්ම වර්ධක හෝමෝනයක් තියෙනව, ඉන්ගිරීසියෙන් මෙය Growth Hormone(GH) ලෙස හඳුන්වනව.. මීට අමතරව තයිරොයිඩ් හෝමෝනය, ලිංගික හොමෝන වන ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන් හා ටෙස්ටොස්‍ටෙරෝන් හෝමෝන, කෝටිසෝල්, ඉන්සියුලින්, ඉන්සියුලීන් ලයික් ග්‍රෝව්ත් ෆැක්ටර්-1 ආදියත් උදව් වෙනව.

මේ හෝමෝන ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදනව.. ප්‍රෝටීනමය හෝමෝන සහ ලිපිඩමය හෝමෝන වශයෙන්..

ප්‍රෝටීනමය හෝමෝන හැදෙන්නෙ ඇමයිනො ඇසිඩ් අණු ගොඩාරියක් එකතු වෙලා.. මේ හෝමොන වතුරෙ දිය වෙනව, මේව අධික උෂ්ණත්වයේදි විනාශ වෙනව, ඒව ආහාර ජීර්ණ පද්ධතියක් තුලින් ගියොත් ඒවායින් වැඩි ප්‍රමාණයක් නැවත ඇමයිනො ඇසිඩ් බවට බිඳ හෙලල අවශෝෂණය කරන්නෙ ඒ ඇමයිනො ඇසිඩ්ස්, පැකේජ් එක පිටින් හෝමෝනය අවශෝෂණය වන්නෙ ඉතාමත් සුළු ප්‍රමාණයක්.. මේවට උදාහරණ තමයි GH, තයිරොක්සීන්, ඉන්සියුලින්, ඉන්සියුලින් ලයික් ග්‍රෝව්ත් ෆැක්ටර්.

මේ හෝමෝන වර්ග අපෙ සිරුරෙ අඩුයි කියමු. ඒ වගෙ අවස්ථාවල ඔයලා දැකල ඇති තයිරොක්සීන් හැර අනිත් හෝමෝන වර්ග ලබාදෙන්නෙ ඉන්ජක්ශන් එකක් වශයෙන්. ඒ මම ඉහත කියූ හේතුව හින්දා.. තයිරොක්සීන් පමණක් සින්තටික් ප්‍රෝටීනයක් මගින් දියුණු කරල බඩවැලේදී බිඳ නොවැටෙන ආකාරයට පෙති වශයෙන් දුන්නත් එයිනුත් 30-40%ක් වගෙ තමයි බිඳ නොවැටී අවශෝෂණය වන්නෙ. ඒකයි අනවශ්‍ය බිඳ වැටීම් වලක්වාගන්න තයිරොක්සීන් හිස් බඩ ගන්න කියන්නෙ, එතකොට බඩවැල්වල ප්‍රෝටීන බිඳ හෙලන එන්සයිම අවම සාන්ද්‍රවලින් පවතින නිසා... දැන් දැන් GH, ඉන්සියුලීන් ආදිය සඳහාත් පෙති නිෂ්පාදනයට පර්‍යේෂණ කලත් තවමත් ඒව සාර්ථක නැහැ. දැනට තිබෙන ඒව බොන්න දුන්විට රුධිරයට හෝමෝනය වශයෙන්ම ලඟාවන්නෙ 1%කටත් අඩු ප්‍රමාණයක්.. එය වර්ධනය උත්තේජනය සහ එම හෝමෝනවල අනෙකුත් කාර්‍යයන් (උදා: ඉන්සියුලින් මගින් රුධිරයෙ සීනි ප්‍රමාණය අඩු කිරීම) ඉටු කිරීම සඳහා අවශ්‍ය උත්තේජනය සැපයීමට ප්‍රමාණවත් නෑ.. ඒකයි GH deficiencyවලදි GH හෝමෝනයත්, දියවැඩියාවේදි ඉන්සියුලිනුත් විඳින්නට දෙන්නෙ...

දැන් අපි හිතමු අපි ආහාර සඳහා හදන සත්තුන්ට මේ වර්ධක හෝමෝනයක් දෙන්න ඕනෙ කියල... එතකොට ඔයාලට දැන් තේරෙනව මේව ටැබ්ලට් විදිහට බොන්න දුන්නට ප්‍රයෝජනයක් නෑ කියල. ඒව විඳින්න ඕනෙ.. මෙහෙම විඳින එක ලොකූ සත්ත්ව කොටුවක ප්‍රායෝගික නෑ, ඒ හින්දා ගවයන් වගෙ කුර සතුන් පාලනයේදි ඔවුන්ගෙ කන් පෙත්තෙ මේ හෝමෝන අඩංගු කූරක් තැම්පත් කරනව, එයින් දිනකට නියමිත හෝමෝන සාන්ද්‍රණයක් ඒ සතාගෙ ඇඟට මුදා හරිනව. මතක තියාගන්න මේ වර්ධක හෝමෝන ඉතා මිල අධිකයි, සත්ත්ව පාලනය කරන්නෙ ලාබ ලබන වෙලඳාමක් විදිහට. ඒ හින්දා ලංකාව වගෙ කුඩා පරිමාණ සත්ත්ව ගොවිපලවල් ඇති රටක මේ විදිහෙ කූරු හයි කරල අඩුම තරමෙ කුර සත්තුවත් මස් සඳහා ලෑස්ති කරනව කියල හිතන්න අමාරුයි.

කොහොම වෙතත් කුකුලන්ට මේ කූරු හයි කරන්නෙ නෑ, කරන්න තරම් කාලයක් මෙයාල ජීවත් වෙන්නෙත් නෑ. දැන් වෙලඳපොලට එන බ්‍රොයිලර් කියන කුකුල ජාන තාක්ෂණය මගින් ඉතා ඉක්මනින් අවශ්‍ය බරට වර්ධනය වන ලෙස අභිජනනය කල වර්ගයක්. මෙයාල කිසිම වර්ධක හෝමෝනයක් නැතිව දවස් 28කින් වගෙ නියමිත බර සහිතව වෙලඳපොලට නිකුත් කරන්න පුළුවන්. ඉතිං මේ වගෙ කුකුල්ලු සිය ගණනක් ඉන්න කොටුවක වර්ධක හෝමෝන එන්නත් කරනවනම් ඒ ගොවියට ඒව කරනව ඇර වෙන වැඩකට වෙලාවක් ඉතුරුවෙන්නෙ නෑ. අනික කුකුලෙක් විකුනල ගන්න ලාබය එක්ක බැලුවම කුකුලට එක කූර ගානෙ ගහන්න ගියොත් ලාබෙකුත් නෑ..

ලිපිඩමය හෝමෝන නැතිනම් ස්ටීරොයිඩ්ස් තෙල්වල දිය වෙනව. මේව ආහාර ජීර්ණ පද්ධතියෙදි බිඳ වැටෙන්නෙ ඉතා අඩු ප්‍රමාණවලින්. ඒ හින්දා ඒව පෙති වශයෙන් ගත්තත් එයින් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලබාගන්න පුලුවන්. මේවට උදාහරණ තමයි ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන්, ටෙස්ටොස්‍ටෙරෝන්, කෝටිසෝල් ආදිය. උපත් පාලන පෙතිවල තියෙන්නෙ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන්.. දැන් ඔයාලට තේරෙනව මම කීව දේ, නේද?

මේ හෝමෝන වර්ග කුකුලන්ට ලබාදීම තහනම්. ඒ වගේම කලින් කීව වගෙ මේව දීල ලොකු කරන්න අවශ්‍ය නෑ මෙයාලව, මෙයල දවස් 28න් ලොකු වෙනව. ඒ වගේම ගන්නෝරුව සත්ත්ව පාලන ඒකකය මගින් රටෙ කුකුල් ගොවිපලවල් නියාමනය කරනව. ඒ නියාමනය වෙන ගොවිපලවල සෑම කන්නයකම කුකුල් මස් සාම්පලයක් තත්ව පරීක්ෂාවට ලක් කරල මේ හෝමෝන ප්‍රමාණ මනිනව. එයින් සමත්නම් තමයි ඒව වෙලඳපොලට නිකුත් කරන්න අවසර ලැබෙන්නෙ, ඒ වගේම ඒ මස් බහාලපු කවරවල මේ තත්ව පරීක්ෂාවට ලක් කල බවට සටහනක් යොදන්න අවසර ලැබෙන්නෙ ඉන් අනතුරුව. යෙහෙලිය කියූ පරිදිනම් CIC, prima, bairaha, ආදී වෙලඳ නාම ලියාපදිංචි වෙලඳ නාම. ඇය ලඟදීම මේ ලැයිස්තුවක් ගන්නෝරුවෙන් ලබාගෙන මට දෙන්නම්ය කීව.. එය ලැබුනොත් මේ පෝස්ටුව අප්ඩේට් කරන්න බලාපොරොත්තු වෙනව.

හරි මේ වර්ධක හෝමෝන ගැහුවමයි හෝ බොන්නට දුන්නමයි කියමු.. නැත්නම් මේ කුකුලන් ස්වභාවිකව නිපදවන හෝමෝන හරි තියනවනෙ.. ඒවයින් මැරුණු සතාගෙ මස්වල ඉතුරු වෙන හෝමෝන ප්‍රමාණය අපේ ශරීරයෙ උත්තේජනයක් කරන්න තරම් ප්‍රමාණවත් නෑ කියල පර්‍යේෂණවලින් ඔප්පු වෙලා තියෙනව. ඒ තිබුණත් මේව අපේ ආහාර මාර්ගයේදි සැහෙන්න බිඳ වැටෙනව. අනික අපි අමු මස් කන්නෙ නෑනෙ.. ඒව උයද්දි අධික උෂ්ණත්වයට මේ කොයි හෝමෝනයත් බිඳ වැටෙනව. ඒ නිසා බ්‍රොයිලර් කුකුල්ලු විහින් නිපදවා ගන්නා හෝ පිටින් දෙනව ඇතැයි කියල සැක කරන හෝමෝන අපේ වර්ධනයට බලපාන්නෙ නෑ.. මෙය කුර සහිත සතුන්ගෙ මස් වලටත් අදාලයි. මස්වලට වඩා හෝමෝන සාන්ද්‍රණයක් ඒ සත්තුන්ගෙ කිරිවල අඩංගු වෙනව. එයත් අපේ ඇඟට බලපෑමක් කල හැකි සාන්ද්‍රණයක් නොවුණත් සැකයක් තිබේනම් රත් කර නොගත් ෆ්‍රෙෂ් මිල්ක් පානයෙන් වැලකුණාටනම් කමක් නෑ..

👉 මස් කෑමෙන් වෙනත් බලපෑම් තියෙනවද?

පහුගිය ටිකෙ කුකුල් මස්වල ආසනික් තියනව කියල ලොකූ හාවක් හූවක් ගියා. මේ හින්දා මම මේ ගැනත් අපේ ගයත්‍රිගෙන් ඇහුව. එයටත් පිලිතුර තමයි අපි කාගෙත් මස්වල ආසනික් තිබෙනව. අපෙ විතරක් නෙවෙයි එලවළු, පලතුරු, හාල් වලත් තියෙනව. ඒ වගේම කුකුලන්ගෙත් තියනව, ඒ තිබෙන ප්‍රමාණය අපිට බලපෑමක් කරන්න තරම් දෙයක් නෙවෙයි.. කුකුල් මස්වල තියෙන ආසනික් ප්‍රමාණයට වඩා ලොකු සාන්ද්‍රණයක් එලවළු, පලතුරු සහ හාල්වලින් අපිට ඇතුල් වෙනව. මේ ප්‍රමාණයවත් කලබල විය යුතු ප්‍රමාණ නෙවෙයි. ඉතිං ඇයි කුකුලෙක්ට බය වෙන්නෙ? කොහොම වෙතත් අපි කාගෙත් ශරීරයෙ ගලි බවුසරෙ අක්මාව හින්දා කුකුලගෙත් ශරීරයෙ අනෙකුත් තැන්වලට වඩා විෂ වර්ග පීකුද්දෙ තියෙනව. ඒ හින්දා බය ඈයො ඕනෙමනම් පීකුදු අයින් කරල කන්න. හැබැයි පීකුදු කියන්නෙ හොඳ ප්‍රෝටීන ප්‍රභවයක් බවත් අමතක කරන්න එපා.. කොහොම වෙතත් අර තත්ව පරීක්ෂාවේදී හෝමෝන වගේම ආසනික් ප්‍රමාණ, බැර ලෝහ ප්‍රමාණ, වෙනත් විෂබීජ, වෛරස, ඇන්ටිබයොටික් සාන්ද්‍රණ ආදියත් මැන බැලෙනව..

ඒ හින්දා ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන මිලදී ගැනීම කොයි අතිනුත් සෞඛ්‍යාරක්ෂිතයි!

👉මස් කෑවම පව් පිරෙනවද?

මේකට උත්තරයක් දෙන්න කලින් මට පොර ටෝක් එකක් දෙන්න වෙනව. ඒ, මට එරෙහිව අවි එසවෙන්න කලින් මට මේ ගැන කතා කරන්න තියෙන සුදුසුකම ගැන කියන්න ඕනෙ හින්දා..

මම උපතින් බෞද්ධයෙක්. මම 2 වසරෙ ඉදන් අවසාන විභාගය ලියනකල් දහම් පාසල් ගියා.. මම 2002 ඉදල 2007 දක්වා ජාත්‍යන්තර ථේරවාදී ධම්ම සහ අභිධම්ම පාඨමාලාවට අදාලව තනියම අධ්‍යයන කටයුතු කරල අභිධම්ම පිටකයත්, සම්පූර්ණ ධම්ම පදය ඇතුළු බෞද්ධ සංස්කෘතියත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරල එහි ලෙවල් 5ක් යටතෙ වාර්ෂිකව විභාගවලට වාඩිවෙල තියෙනව. මේ පාඨමාලාවෙ ප්‍රාථමික ලෙවල් එකෙ අභිධර්මය සමාන වන්නෙ සාමාන්‍ය දහම් පාසල් විෂය නිර්දේෂයෙ අවසාන විභාගයේ අභිධර්ම පාඩම්වලට. එතකොට හිතාගන්න ඩිප්ලෝමා ලෙවල් එක ගැන. ඩිප්ලෝමා ලෙවල් එකේ 2007 විභාගයේදී සමස්ත ශූරතාව සමඟ පලමු තැන ගත්තෙ මම. මම අදටත් බුදුන් වහන්සේ දේශනා කල බුද්ධ ධර්මය පිලිගන්නා කෙනෙක් (අන්තවාදී සොබන ශ්‍රද්ධානුපන්න #බුද්ධාගම නොවන බව සලකන්න) නමුත් මම බෞද්ධ ධර්මය පිලිබඳ තවමත් බුදුන් වහන්සේගෙ පා දූවිල්ලක් තරම් දෙයක්වත් දන්නෙ නෑ.. නමුත් මේ ගැන මගෙ අදහස දෙන්නට මම සුළු වශයෙන් හෝ සුදුසු යැයි මම හිතනව.

බුදුන් වහන්සේ උන්වහන්සේගෙ ඉගැන්වීම්වලදී මස් නොකා ඉන්නැයි උපදෙස් දීල නෑ. මෙහි ඇත්තේ චේතනාව පාදක කරගත් තියරි එකක්. මටත් තේරුම් ගන්නට තරමක් අපහසු නමුත් මගෙ අණකින් තොරව මරා දමන ලද කුකුල් කුණක් කඩයකින් ගෙනැවිත් කෑවට ඒ සතාගෙ ප්‍රාණඝාතන අකුසලයට ඔබ වැරදිකරු වෙන්නෙ නෑ. මොකද ඔබ ඒ පර්ටිකියුලර් සතාව මරන්නැයි මරණකරු මෙහෙයවා හෝ ඒ මරණ මොහොතෙ සතා මැරීම සඳහා චේතනාවක්, උපක්‍රමයක් හෝ ඒ උපක්‍රමය ක්‍රියාවට නැගීමක් හෝ අනුබලයක් ඔබ දී නැති නිසා. මෙහි මට ඇති ගැටළුව අප විසින් කුකුල් කොටුවෙ හිමිකරුව මත ඇති කරවා ඇති ඉල්ලුමට සැපයුම දෙන්නට ඔහු ඒ සතා මරණවා නොවෙද යන්නයි. නමුත් ප්‍රඥාසම්පන්න ගුරුවරයෙක් කියූ පරිදි ඒ සතා මැරෙන මොහොතෙ ඒ සතා කෙරෙහි අපේ හිතෙ ඉල්ලුමක් නැති නිසා එයට අපේ දායකත්වයක් නෑ.. නමුත් හිතන්න අපි උත්සවයකට, දානයකට වැනි දේකට මෙවැනි ගොවිපලකට සෘජුවම ගිහින් හරි කඩ හිමියා ලවා හරි කුකුල් මස් මෙච්චර ප්‍රමාණයක් ඕනෑ කියල ඕඩරයක් දුන්න කියල. ඒ ඕඩරයට මේ සත්තු මැරුවයි කියල.. එහෙනම් දැන් ඔයා ඒ පවෙ කොටස්කාරයෙක්..

ඒත් ඒ දානය පිලියෙල කරල පිලිගැන්වුවම වලදන හාමුදුරුවන්ට පව් පිරෙනවද? නෑ.. ඒකට හේතුවත් අර කලින් කියූ ලෙස හාමුදුරුවන් ඒ සතා මැරෙන වෙලාවෙ ඒ සතාගෙ මස් කෙරෙහි ඉල්ලුමක් තබාගෙන නොහිටිය හින්ද.. නමුත් හාමුදුරුවොම කීව කියල හිතන්න දානෙට මට මස් ඕනෑය කියල. ඉන්පසු ඕඩරෙ බාර දීල සතා මරල මස් ගෙනැවිත් පිලියෙල කරල පිලිගන්වල උන්වහන්සෙ වැලදුවොත් අන්න පව්! බුදුන් වහන්සේට චුන්ද සූකරයා පිලිගන්වපු මස් උන්වහන්සෙ වැලදුවට පව් නැත්තෙ ඇයි කියල දැන් පැහැදිලි ඇති..

ඒ වගේම මස් ආහාරයට ගන්න වෙලේ අපේ ඇතිවෙන චේතනාවත් වැදගත්. "අම්මාහ්, මස් රසය, ලේ රසය, මගෙ දිව පිනවනව, රසයි රසයි, මේව හරිම රසයි" කියල කන එකයි, "මේක මට තවත් ආහාරයක් පමණයි, මේ මගෙ ශරීරය පවත්වාගෙන යාමට ගන්නා ආහාරයක්" කියල කන එකයි දෙකක්.. මෙහෙම කීවට වෙලාවකට මාත් ඔය පලවෙනි සිතුවිලිවලට යනව...

අනේ මේ සත්තු දුක් විඳිනව, එහෙම විඳවල මැරුණ සත්තුන්ගෙ මස් කන එක පව් කියල හිතල හිත උණු වෙන අය ඒ වගෙ ගිල්ටි ෆීලින්ග් එකක් මඟ හරවා ගන්න බැරුව කන කන කටක් ගානෙ "අනේ මම අහිංසක සතෙක්ගෙ මස් කනව" කියල හිතෙනවනම් අන්න ඔයා කෙලෙස් එකතු කරගන්නව...

කොටින්ම එලැඹි සිහියෙන් කන්න පුළුවන්නම් මස් කන එක පවක් නෙවෙයි. එහෙම කරන්න බැරි අය මස් නොකා ඉන්න එකත් ගැටළුවක් නෙවෙයි... මෙහෙම සතා පව් කියල මස්, මාලු නොකන අයටයි කියන්නෙ.. දැන් එන ෆාම් බිත්තරෙ සංසේචනය උන ඩිම්බයක් නෙවෙ. නිකංම නිකං පුහු ඩිම්බයක්.. කුකුලෙක් ඇහැට නොදැක්ක කිකිලියකගෙ ඩිම්බයක්.. ඒකෙ ඇතුලෙ කුකුල් බබලා නෑ.. ඒ හින්දා කිකිලි ඩිම්බයක් කෑව කියල ගිල්ටි වෙන්න එපා..

මේ මොක උනත් තමන් කැමති පිලිවෙතක්, තමන්ගෙ සිතුවිලි වල ස්වභාවයෙ අනූව අනුගමනය කරන්න ඔයාලට පුළුවන්.. තම තම නැණ පමණින් පහදා යුතු! අරය මස් කනව එයා පව්කාරි, මෙයා මස් කන්නෙ නෑ මෙයා පින්කාරි කියන්න ගිහිං තවත් කෙලෙස් එකතු කරගන්න එපා.. අනුන්ට කලින් තමන්ගෙ යහපත සලසා ගන්න...

👉 නිර්මාංශ උනාම මන්ද පෝෂණෙ හැදෙනවද?

මම කීව බුකි කතිකාවතේ සතා පව් කියල නිර්මාංශ වෙලා හිටපු කීප දෙනෙක් ඒ ගැන අදහස් දක්වල තිබ්බ.. ඒ, නිර්මාංශ වෙන එක හොඳයි කියන පැත්තට.. මෙහෙම කීව අයට තවත් පිරිසක් රතු එලි දල්වල තිබුණෙ නිර්මාංශ වීම ප්‍රොමෝට් කරල ලංකාවෙ ඉන්න ගෑණු ටිකට මන්ද පෝෂණෙ හදන්න එපා කියලයි...

දැන් මුළු ලෝකෙම ට්‍රෙන්ඩ් එකක් යනව වෙජිටේරියන්, වේගන් කියල... වෙජිටේරියන්ල මස්, මාළු කන්නෙ නෑ.. නමුත් කිරි නිෂ්පාදන ගන්නව. වේගන්ල කිරි නිෂ්පාදනවත් ගන්නෙ නෑ.. මේ ඔක්කොම මන්දපෝෂණෙන් පෙලෙනවද? පිලිතුර නෑ!

ඇත්ත. මන්දපෝෂණයට තියෙන රිස්ක් එක නොන් වෙජ් අයට වඩා ටිකක් වැඩියි.. නමුත් හොඳ පෝෂණයක් පවත්වාගන්න වෙජ්, වේගන් ගැටළුවක් නෙවෙයි. කල යුත්තෙ තමන්ගෙ ආහාර රටාව සහ ඒකෙ අඩංගු ප්‍රෝටීන, යකඩ ප්‍රමාණය එලවළු, පලතුරු, ධාන්‍ය, පියලි ආදියෙන් බැලන්ස් කිරීමයි.

ලෝකයෙ සත්ත්ව ප්‍රෝටීන ඇලජි බොහෝ දෙනෙක් ඉන්නව. මේ අයට බයි ඩිෆෝල්ට්ම වෙජ් හෝ වේගන් වෙන්න වෙනව. එයල ඔක්කොමත් මන්ද පෝෂණයට ලක් වෙන්න එපැයි.. වෙනවද? නෑනෙ.. මිනිස්සු සර්ව භක්ෂක හින්ද මස්, මාළු කෑවට, අලියගෙ ඉදන් හාවට යනකල් සත්තු ශාඛ භක්ෂක. උන් ඔක්කොටම මන්ද පෝෂණේද? නෑ නෙ..

සර්ව භක්ෂකනම් අපේ ඇඟේ සත්තුන්ගෙන් වගේම ශාඛවලිනුත් අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ගන්න යාන්ත්‍රණ තියෙන්න එපැයි, නේද? ඒව තියෙනව, ඒ හින්දා ඔයාට හිතෙනවනම් ඔයාගෙ හෘද සාක්ෂියට එකඟව මස්, මාළු කන්න බෑ, පව් සිද්ධ වෙයි මට, සත්තු පව් කියල අප්පිරියාවෙන් කන්න එපා! මන්දපෝෂණේට බය හින්ද කන්නත් එපා.. තමුන්ගෙ වත්තෙ හොයාගන්න පුළුවන්, වවාගන්න පුළුවන් ප්‍රෝටීන බහුල දඹල, සෝයා බොංචි, නිවිතිය වගෙ දේවල් වැඩිපුර කන්න..

හැබැයි එක දෙයක්! මස්, මාළු කියන්නෙ මේ කිව්ව ප්‍රෝටීන, යකඩ ඇතුළු පදාර්ථ ඉක්මනින්, හොඳ එෆිකසි එකකින්, අඩු මුදලකට ගන්න පුළුවන් ආහාරයක්. ඒ හින්දා ඔයාගෙ විශ්වාස දරුව පිටිනුත් දාන්නෙ නැතුව ඔයා නොකෑවට කමක් නෑ, වැඩෙන පොඩි දරුවට ඒව ලබාදෙන්න ඕනෙ. එයා ලොකු වෙල එයා තීරණය කලොත් මස්, මාළු කන්න හොඳ නෑ, මම කන්නෙ නෑ කියල, ඒක වෙනම දෙයක්. ඔයා දරුවෙක් වැදුවනම් ඒ දරුවට නිසි පෝෂණය දෙන එක ඔයාගෙ වගකීමක්. ඔයාගෙ චින්තනය දරුවාගෙ සෞඛ්‍යයට බලපෑමක් වෙන්න දෙන එක අසාධාරණයි නේද?

👉මේ විදිහට ගත්තම,
ලමිස්සියන්ට කුකුල්ලු කැපද? අකැපද?
ඔයාලම තීරණය කරන්න...
- වෛද්‍ය ප්‍රාර්ථනා ලියනආරච්චි
ප්‍රාර්ථනා ඇම්. ඇල්. (උපුටා ගැනීමේදී කතෲ අයිතිය තබනු යෙහෙකි)
#සව්බොර

ලන්කන් ලොජික්ස් 19.01.2018

👉ඊයා, රුවන් හෙට්ටිආරච්චි එයාගෙම නෝන නාරි හැඟුම් උපදවන්න යොදා ගත්ත එක කැතයි.. 😡😡
👉ලැජ්ජ නැති මිනිහෙක්, යකෝ වෙන මොඩලර්ස්ලට ගෙවන්න සල්ලි නැතුවද තමන්ගෙ ගෑණිව විකුණං කන්නෙ? 😱😱
රුවන් මේකට වෙන මොඩ්ලර් කෙනෙක් ගත්තන්ම්,
👉ඒ මඟුලත් ඉවරයි. මමනං දැනං හිටිය ගොනා වෙන පොල් පැලෙකටත් හැරෙනව කියල.. 😥😥
👉අච්චර ලස්සන ගෑණියෙක් ගෙදර තියාගෙන මූ මේකි එක්ක නටන නැටිල්ල බලහංකො.. 👿👿
👉ගොසිප්: මෙච්චර දවසක් රුවන්ගෙ මියුසික් වීඩියෝස්වල රඟ පෑ බිරින්දෑගෙ තැන ගත්තෙ කවුද? (වීඩියො සහිතයි)
👉පව් ශෙරිල්, ඒකිට ඔයිට වඩා දාහකින් හොඳ කොල්ලෙක් බඳින්න තිබ්බ 😪😪
මේකට විසඳුම,
👉රුවන් සින්දු ගහන එක නතර කරානං ඉවරයි
👉රුවන් මේ වගෙ සින්දුවක් නොකිය ඉන්න තිබ්බ, එහෙම උනානම් මේ මුකුත් ප්‍රශ්න නෑනෙ
👉විශුවල් නොදා සින්දුව ගහන්න තිබ්බ
👉යූ ටියුබ් නොදා ඉන්න තිබ්බ
ඒත් ඇත්තටම වෙන්නෙ,
👉රුවන්ගෙ සින්දුවෙ වීව්ස් වැඩි වෙනව
දැන්,
👉ඔබද ලක්ෂපති? 😂🔫😂🔫
👉රුවනුයි ශෙරිලුයි ද ලක්ෂපති? 💰💸💰💸

අනේ උඹලගෙ වැඩක් බලාන, බලන සින්දුවක් බලාන බලන්න බැරි එකක් නොබල තමන්ගෙ ඇහෙ පොල් පරාලෙ අහක් කොරං හිටහල්ල බං... 💩
මෙය මුදල් නොගෙවා රුවන් වෙනුවෙන් ප්‍රචාරය කල දැන්වීමකි...
-ප්‍රාර්ථනා ඇම්. ඇල්.

මයි ලෝ 19.01.2018

බුදු හාමුදුරුවන්ටත් බඩ බැඳගත්ත චිංචි මානවිකාවො ආව එකේ අපි ගැන කුමන කතා ද සහෝ? හැබැයි ඉතිං උන්වහන්සේගෙ පෙර කර්ම ශක්තිය හින්දා ඒ දර මිටියෙත් මීයෙක් ඉදල හිටං උන්වහන්සේගෙ චරිතෙ රැකල දුන්න.. අපි කරපු කරුමවල හැටියට කොහෙද මීයො ආයුබෝවන්?? 🙈

බුදු හාමුදුරුවන්ටත් දේවදත්තල හිටපු එකේ දේවදත්තයට වඩා අඩියක් උඩින් මනුස්සකම අතින් ඉන්න අපි ගැන කියන්න ඕනෙයෑ.. හැබැයි ඉතිං දේවදත්ත මොක්පුර නොදැක්කට මොකෝ අපිට හතුරුකං කරන එව්වොනම් හොඳට වීණා වයද්දි, තත් කැඩිල හෝන්දුමාන්දු උනේ අපි...

එකම දේ,
බෝසතාණෝ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරල අත ඇරියම මුලින්ම දාල ගියෙ පස්වග තවුසො... හැබැයි උන්වන්හසේ බුද්ධත්වයෙන් මුලින්ම වැඩියෙත් උන්වහන්සේල පස් නම හොයාගෙන.. අවසානයේ බුදු වෙනකල් ලඟ හිටියෙ තමන් වහන්සේල වග කොණ්ඤ්ඤ හාමුදුරුවන් පුරාජේරු බෑවට උන්වහන්සේත් හිත යටින් දැනන් ඉන්නැති තමන් වහන්සේ අවසාන මොහොතෙ බෝධි සත්වයන්ව අත ඇරපු වග.. ඒත්, උන්වහන්සේල පස් නම නොහිටිය කියල බෝධි සත්ත්වයො ගමන අත ඇරියද? නෑ ආයුබෝවන්ඩ! කොණ්ඤ්ඤ හාමුදුරුවො පුරාජේරු කීවට ඒව නිවැරදි කරන්නවත් බුදු හාමුදුරුවො කාලෙ මිඩංගු කලා ද? නෑ ආයූබෝවන්ඩ! ඒ හින්දා කාට බොරු කරත්, කීවත් කරන දෙයක් හෘද සාක්කියට හොර බොරු නොකර කරහන්...

හැබැයි එකක් මතක තියාගනින් පුතෝ,
බෝධිසත්වයෝ කුළුදුලෙ උපන් දරුව එක්ක යශෝදරාව සහ සක්විති රජකම දාල වන ගත උනාම උන්වහන්සේට රටේ ලෝකෙ තියන දහ ජරා කතා කීව එවුන් එදත් ඉන්නැති, උන් තාමත් සසරේ... නමුත් උන්වහන්සේ තමන්ගෙ අරමුණේම ගිහින් තමන් වහන්සේ ත් ගොඩ ගිහින් යශෝදරාවයි, රාහුලයන්වයි දෙන්නවත් එගොඩ කරා...
මඟ දිගට බුරන බල්ලන්ට ගල් මුල් විසි කරන්න නැවතුනානම් උන්වහන්සේයි පවුලයිත් අරුන්දැලා එක්කම අද තාමත් සංසාරෙ....

උඹල කරන කුම්මැහි කුඩුකේඩු වැඩවලින් නොදොස් වී නිදහස් වෙන්න තරම් අපි පින් කරල නැතුව ඇති... හැබැයි ඒ කරන දේවලවල පාපයනං උඹලටත්, දේවදත්තට හා සමානව අනිවා පටිසං දෙයි! එතකල් අපි ගල්, මුල් මැදින් අපෙ ගමන යනව... අයින් වෙලා... 😳😍😇🚗
උඹල බුර බුර හිටහල්ල... 🐶🐕🐩
ටටා! බායි!  💪🤘✋
-ප්‍රාර්ථනා ඇම්. ඇල්.
#සව්බොර

Popular Posts